Watch : තරගය උඩු යටිකුරු කරමින් චෙහල් දවා ගත් සුපිරි කඩුලු ත්‍රිත්වය

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට අද(18) සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජොස් බට්ලර්ගේ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී කොල්කටා පිතිකරුවන් ද රාජස්ථානයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වීම කැපී පෙනුණා.

නමුත් කොල්කටා ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් තරගයේ පාලනය යළිත් රාජස්ථාන් කණ්ඩායමට හිමි කර දුන්නා.

අදාළ පන්දුවාරයේ සිව්වැනි, පස්වැනි හා හයවැනි පන්දුවලදී පිළිවෙලින් ෂ්රෙයස් අයියර් (85), ශිවම් මාවී(0) හා පැට් කමින්ස්ගේ(0) කඩුලු දවා ගනිමිනුයි චෙහල් සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.

මෙය අයි.පී.එල් ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 21 වැනි අවස්ථාවයි.

එම පන්දුවාරයේ දී කඩුලු 4ක් දවා ගැනීමට ද චෙහල් සමත් වීම කැපී පෙනුණා.

මෙම තරගයේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 40කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

කඩුලු ත්‍රිත්වය දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...