බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය අර්බුදයක

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර ලබන වසරේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

2024 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහමැතිවරණය හේතුවෙනුයි මෙම ගැටලුකාරී වාතාවරණය උද්ගතව ඇත්තේ.

2024 බී.පී.එල් තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වෙන බව මීට පෙර නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත්, එම කාලයේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග්, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලි හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින් බී.පී.එල් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතාවයකට ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටිනවා.

ඒ හේතුවෙන් 2024 තරගාවලියේ දින සංශෝදනයක් විය හැකි බවටයි එරට ක්‍රිකට් බළධාරීන් පෙන්වා දෙන්නේ.

පැවැත්වීමට නියමිත මහමැතිවරණය හා ආරක්ෂක හේතූන් මත බී.පී.එල් තරගාවලිය කොටස් දෙකක් ලෙස පැවැත්වීමට සිදු වන බව ද එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළා.

මේ අතර, පෙබරවාරි 20 වැනිදා පමණ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරු පත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව නස්මුල් හසාන් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සදහන් කර සිටියා.

රසල් ඩොමින්ගෝ ධූරයෙන් ඉවත් වූ බැවින් මාර්තු පළමු වැනිදා සිට එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරගාවලියන්ට පෙර නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...