බංග්ලාදේශයේ නව පුහුණුකරු ධූරය යළි හතුරුසිංහට

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ධූරයෙන් රසල් ඩොමින්ගෝ ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සදහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මීට පෙර ද එරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා යළිත් එම ධූරය සදහා පත් කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ඔහු 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනු ලැබුවා.

එම කාලය තුළ දී බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වරට ඉන්දියාව, පාකිස්තානය හා දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහනයන් වාර්තා කළ අතර, එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසයේ පළමු ටෙස්ට් තරග ජය ද වාර්තා කරනු ලැබුවා.

එමෙන්ම පළමු වරට ලෝක කුසලාන තරගාවලියක (2015) අර්ධ අවසන් පූර්ව වටයක් සදහා සුදුසුකම් ලැබීමට ද බංග්ලාදේශය සමත් වුණේ ඔහුගේ පුහුණුකරු ධූරය යටතේයි.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරය දැරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු මෑතකදී නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

එළඹෙන පෙබරවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සදහා හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...