ශ්‍රී ලංකා ‘A’ 136 කට දැවී යයි ; එංගලන්ත ලයන්ස් කණ්ඩායම ලකුණු 113 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (31) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.

සධීර සමරවික්‍රම ලකුණු 43 ක් ලබා ගත් අතර, ලක්ෂිත මනසිංහ ලකුණු 26 කට දැවී ගියා. ඕෂද ප්‍රනාන්දු ලකුණු 21යි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 17 කටත්, නායක නිපුන් ධනංජය ලකුණු 15 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මැතිව් ෆිෂර් ලකුණු 34 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ලියම් පැටර්සන්-වයිට් ලකුණු 51 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමු දිනයට තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 249 ක් ලබා සිටියා.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 125 ක් එක් කිරීමට ඇලෙක්ස් ලීස් සමගින් නායක හසීබ් හමීඩ් සමත් වුණා. ලීස් ලකුණු 56 ක් ලබා ගත් අතර, හමීඩ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 81 ක්.

ටොම් හෙයින්ස් නොදැවී ලකුණු 62 ක් ද, ජොෂ් බොහනන් නොදැවී ලකුණු 26 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 ක් ද, සහන් ආරච්චිගේ එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 113 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...