ශ්‍රී ලාංකිකයෙකු සමග 19න් පහළ කාන්තා T 20 ලෝක කුසලාන කණ්ඩායම නිවේදනය කෙරේ

Date:

2023 අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම (ලෝක කණ්ඩායම) ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට සංවිධාන කළ මෙම ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන් කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත් කළ තරගාවලියේ කණ්ඩායම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහිතව නම් කර ඇති මෙම ලෝක කණ්ඩායමට ලෝක ශූර ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනෙක්, අනුශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්, නවසීලන්ත, බංග්ලාදේශ, දකුණු අප්‍රිකා, ඔස්ට්‍රේලියානු හා පාකිස්තාන ක්‍රීඩිකාවක් ද ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ තරගාවලිය පුරාවට තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ දෙව්මි විහංගා.

ඇය අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පළමු තරගයේ දී ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඊළග තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව දෙව්මි විහංගා ලකුණු 37 ක් පිත්තෙන් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ලකුණු 22 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.

U19 Women’s T20 World Cup Team of the Tournament –

  1. Shweta Sehrawat (India)
  2. Grace Scrivens (captain) (England)
  3. Shafali Verma (India)
  4. Georgia Plimmer (New Zealand)
  5. Dewmi Vihanga (Sri Lanka)
  6. Shorna Akter (Bangladesh)
  7. Karabo Meso (Wicket-keeper) (South Africa)
  8. Parshavi Chopra (India)
  9. Hannah Baker (England)
  10. Ellie Anderson (England)
  11. Maggie Clark (Australia)
  12. Anosha Nasir (12th Player) (Pakistan)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...