බංග්ලාදේශ නව නායකයා නිවේදනය කෙරේ

Date:

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පත් කර තිබෙනවා.

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා හා 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සදහන් කළේ.

ආසියානු කුසලාන තරගාවලිය සදහා හා ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද හෙට(12) දිනයේ දී නිවේදනය කරන බව නස්මුල් හසාන් කියා සිටියා.

“තේරීම් කමිටු නිළධාරීන් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගනීවි.” යනුවෙන් සභාපතිවරයා මාධ්‍ය හමුවේ සදහන් කළා.

බංග්ලාදේශ එක්දින කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට සිදු වුණේ තමිම් ඉක්බාල් එම ධූරයෙන් ඉවත් වීමට පසුගියදා ගත් තීරණය හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් තමිම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි වී ඇති නමුත්, නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ලිටොන් දාස් හා මෙහිදි හසාන් මිරාස් ද නව නායකත්ව තනතුර සදහා සලකා බැලුණු නමුත්, අවසානයේ දී තීරණය කර ඇත්තේ ශකිබ් අල් හසාන් එම තනතුරට යළි පත් කිරීමටයි.

ඔහු එරට ටෙස්ට් හා 20යි 20 කණ්ඩායම්වලද නායකයා ලෙස කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...