පාකිස්තාන කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mark Coles සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එම ධූරයට ඔහුව දෙවැනි වරටත් පත් කර මාස 4ක පමණ කාලයක් ගතව ඇති පසුබිමකයි.

පෞද්ගලික හේතුවක් මත Mark Coles වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉවත්ව ඇති බව සදහන්.

2017 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ද ඔහු පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනු ලැබුවා.

සැප්තැම්බර් පළමු වැනිදා සිට දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තාන කණ්ඩායම කරච්චි හී දී 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි ප්‍රධාන පුහුණුකරු මෙලෙස සිය ධූරයෙන් ඉවත්ව ඇත්තේ.

ඉදිරියේ දී නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඉතා කාර්යය බහුල තරග කාලසටහනක් ඉදිරියේ දී යෙදී ඇති අතර, ඉදිරි වසරක කාලයේ දී එක්දින තරග 15 ක් හා 20යි 20 තරග 17 ක් ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...