ආසියානු කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ගැන නිවේදනයක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියරේ තරග සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම හෙට(12) සිට ආරම්භ වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර pcb.bookme.pk යන වෙබ් ලිපිනයට පිවිස ලබා ගත හැකි බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වසර 15 කට පසුව ආසියානු කුසලාන තරගාවලියක සත්කාරකත්වය දැරීමට පාකිස්තානයට අවස්ථාව හිමිව ඇති බැවින් ප්‍රවේශපත්‍ර මිල දැරිය හැකි මිලකට ප්‍රේක්ෂකයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ.

2023 ආසියානු කුසාලන තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ඉදිරියේ දී දැනුම් දීමට නියමිත බව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී යි.

පාකිස්තානය, ඉන්දියාව හා නේපාලය A කාණ්ඩයෙන් ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය B කාණ්ඩයෙන් ද ආසියානු කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...