අම්බටි රයිදු කොදෙව් දූපත්වලින් යළි පිටියට

Date:

එළඹෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අම්බටි රයිදු ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව ඔහු සී.පී.එල් ඉතිහාසයේ තරගාවලියකට එක්වන දෙවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වනු ඇති.

මීට පෙර ඉන්දීය පාදග පන්දු යවන ක්‍රීඩක Pravin Tambe 2020 වසරේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කර තිබුණා.

ඉන්දීය ක්‍රීඩකයින් වූ Sunny Sohal හා Smit Patel ද සී.පී.එල් තරගාවලියට ක්‍රීඩා කර තිබුණ ද, ඔවුන් ඇමෙරිකානු ක්‍රීඩකයින් ලෙසයි තරගාවලියට එක්ව තිබුණේ.

37 හැවිරිදි අම්බටි රයිදු පසුගිය මැයි මාසයේ දී ජාත්‍යන්තර හා ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළා.

අනතුරුව ඔහු ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, තරගාවලිය ආරම්භ වීමට දින 5කට පෙර ඔහු සිය ගිවිසුමෙන් ඉවත් වුණා.

මෙවර සී.පී.එල් තරගාවලිය අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 දක්වා කැරිබියන් දූපත් පහකදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සී.පී.එල් තරගාවලිය ලංකා ප්‍රිමියර් ලීග් හා එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියන්හි දින සමග ද යම් ඝට්ටනයකට ලක් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...