බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද(12) දිවයිනට පැමිණ තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් මෙරටට ළගා වූ බව සදහන්.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 17 වනදා සහ 18 වනදා කටුනායකදී දෙදින පුහුණු තරගයකට එක්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙනුයි එය මෙම වසරට කල් දැමුණේ.

bangladesh tour of sri lanka 2021 © SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...