“ශ්‍රී ලංකාව ඔවුන්ගේ රටේ දී ප්‍රබලයි. ඒක අපිට ලොකු අභියෝගයක්” : බංග්ලාදේශ නායක

Date:

ශ්‍රී ලංකාව ඔවුන්ගේ රටේ දී ඉතාමත් හොද කණ්ඩායමක් බව බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ නායක මොමිනුල් හක් පවසනවා.

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ එම තරගාවලිය ඉතා අභියෝගාත්මක තරගාවලියක් වනු ඇති බවයි.

“ශ්‍රී ලංකාව ඔවුන්ගේ රටේ දී ඉතාමත් හොද කණ්ඩායමක්. ඒක අපිට ලොකු අභියෝගයක් වේවි. එය අපට පහසු දෙයක් නොවේවි. අපිට මේ අභියෝගය භාර ගන්න සිද්ධ වෙනවා වගේම හොද ප්‍රතිපලයක් ලබා ගන්න අවශ්‍යයි.” යනුවෙන් බංග්ලාදේශ නායකයා සදහන් කළා.

“මම හිතන්නේ මේක තරගකාරී තරගාවලියක් වේවි. කණ්ඩායම් දෙකටම හොද වේග පන්දු යවන්නන් සිටිනවා. පිතිකරණය ඉතා වැදගත් දෙයක් වෙයි. අපි හොදින් පිතිකරණයේ නිරත වෙලා නැහැ අපේක්ෂිත මට්ටමට.”

බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග අටම පරාජයට පත්ව ඇති පසුබිමකයි ඔවුන් මෙම ශ්‍රී ලංකා තරග සංචාරයේ නිරත වන්නේ.

එමෙන්ම මෙම තරගාවලිය සදහා ශකිබ් අල් හසාන් සහ මුස්ටෆිසුර් රෙහ්මාන් ද සහභාගී නොවන අතර, ඔවුන් දෙදෙනාම මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිනවා.

“ශකිබ් සහ මුස්ටෆිසුර් කණ්ඩායමේ නැත්නම් අපි තරග ජයග්‍රහනය කරන්නේ නැහැ කියලා මම හිතන්නේ නැහැ. එයාලා හොද ක්‍රීඩකයින් වුණත් එයාලට අත් 10ක් 12ක් නැහැ. අපි කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන්නේ නැති නිසයි අපි තරග පරදින්නේ”

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා පල්ලේකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...