කඩුලු 6ක ජයක් සමගින් දකුණු අප්‍රිකාව තරගාවලිය සම කරයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(12) සමත් වුණා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා සිටියදීයි.

ඉනිමේ පළමු පන්දුවෙන්ම මොහොමඩ් රිස්වාන් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ජෝර්ජ් ලින්ඩේ සමත් වුණා.

නායක බබාර් අසාම් ලකුණු 50ක් සහ මොහොමඩ් හෆීස් ලකුණු 32ක් රැස් කළ අතර, හෙයිදර් අලී සහ හසන් අලී ලකුණු 12 බැගින් රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ ලකුණු 23කට කඩුලු 3ක් හා ලිසාද් විලියම්ස් (Lizaad Williams) ලකුණු 35කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 14ක් පමණක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 54(30)ක් රැස් කළේ හයේ පහර 3ක් ද සමගින්.

නායක හෙන්රිච් ක්ලාසීන් නොදැවී ලකුණු 36ක් සහ ජෝර්ජ් ලින්ඩේ නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් හස්නයින් සහ හසන් අලී කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...