එක්දින හා 20යි 20 ලෝක ශූර එංගලන්ත කණ්ඩායම 2023 මාර්තු මාසයේ දී බංග්ලාදේශයේ සීමිත පන්දුවාර තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරයේ දී දෙරට අතර එක්දින හා 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි ද්විත්වයක් පැවැත්වීමට නියමිතයි.
එම සංචාරයට අදාළ තරග කාලසටහන මේ වන විට නිවේදනය කර ඇති අතර, ඒ අනුව මාර්තු පළමු වැනිදා එක්දින තරගාවලියෙන් තරග සංචාරය ආරම්භ වනවා.
මෙම සංචාරයට අයත් 20යි 20 තරගාවලිය ඉතිහාසගත වන්නේ දෙරට අතර පැවැත්වෙන පළමු ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලිය ලෙසයි.
එංගලන්ත කණ්ඩායම අවසන් වරට බංග්ලාදේශයේ සංචාරයක නිරතව ඇත්තේ 2016 වසරේ දී යි.
එහිදී තරග 2-1 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට එංගලන්ත සමත් වුණා.
Schedule:
1st ODI: 1 March, Dhaka
2nd ODI: 3 March, Dhaka
3rd ODI: 6 March, Chattogram
1st T20I: 9 March, Chattogram
2nd T20I: 12 March, Dhaka
3rd T20I: 14 March, Dhaka

