සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මෙල්බර්න් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(27) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක ඔස්ට්‍රේලියානුවන්ට හිමි කර දෙමින්.
තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළ අතර, දෙවැනි දිනය නිමා වූයේ ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියදීයි.
ඒ, දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 189 ට පිළිතුරු ලෙසයි. ස්ටීවන් ස්මිත් ලකුණු 85 කට දැවී ගිය අතර, ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 48 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
වෝනර් හා ස්මිත් අතර තෙවැනි කඩුල්ල සදහා ලකුණු 239 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.
ඩේවිඩ් වෝනර් ලකුණු 200 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා කැමරන් ග්‍රීන් ද ලකුණු 6 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.
ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 197 ක්.

