බංග්ලාදේශය ලකුණු 101 ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(22) නිමා වුණේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට හිමි කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා.  මහ්මුදුල් හසාන් ජෝයි නොදැවී ලකුණු 38 ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, නජ්මුල් හුසේන් ශන්තෝ ලකුණු 23 කට දැවී ගියා.  පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු දෙකක් දවා ගත්තා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 308 ක් රැස් කළා.

ක්යල් වෙරෙයන් ලකුණු 114 ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළ අතර, වියාන් මෝල්ඩර් ලකුණු 54 ක් ලබා ගත්තා. Dane Piedt ලකුණු 32 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් කඩුලු පහක් ද, හසාන් මහ්මුද් කඩුලු 3 ක් ද බිද හෙලුවා. මෙහිදි හසාන් මිරාස් කඩුලු දෙකක් දවා ගත්තා.

මීර්පූර්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 106 ක් පමණයි. ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 101 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...