අවසන් ටෙස්ට් තරගයට එංගලන්තයෙන් දග පන්දු යවන්නන් තිදෙනෙක්

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායම සදහා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව තෙවැනි තරගය සදහා දග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහුට අමතරව ක්‍රීඩා කරන අනෙක් දග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ ජැක් ලීච් හා ශොයිබ් බෂියර්.

වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් ද යළි කණ්ඩායමට කැදවා ඇති අතර, ඔහු සමගින් වේග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බෙන් ස්ටොක්ස් පමණයි.

වේග පන්දු යවන්නන් වන බ්‍රයිඩන් කර්ස් හා මැතිව් පොට්ස් හට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවන අතර, අවසන් තරගය එළඹෙන 24 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

England XI: Zak Crawley, Ben Duckett, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes (C), Jamies Smith, Gus Atkinson, Rehan Ahmed, Jack Leach, Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...