බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව නැගී එන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

Date:

ඕමානයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, මූලික වටයේ 10 වැනි තරගයෙන් බංග්ලාදේශ A කණ්ඩායම පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 161 ක් ලබා ගනිමින්.

පවන් රත්නායක ලකුණු 42(26) ක්, ලහිරු උදාර ලකුණු 35(21) ක් හා සහන් ආරච්චිගේ ලකුණු 30(25) ක් රැස් කළා. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 19 යි.

පන්දු යැවීමේ දී Ripon Mondol හා Rejaur Rahman Raja කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

Abu Hider නොදැවී ලකුණු 38(25) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට අවසන් මොහොත දක්වා දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ Parvez Hossain Emon ලකුණු 24 ක් හා Saif Hassan ලකුණු 29 ක් රැස් කළා. Hassan පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙනුයි පිටියෙන් ඉවත් වුණේ.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර, අද තරගයේ බංග්ලාදේශ ඉනිමේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුව ‘dead ball’ පන්දුවක් ලෙස විනිසුරු විසින් සංඥා කිරීම හේතුවෙන් යම් උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. ඒ, එම පන්දුවට මුහුණ දුන් බංග්ලාදේශ පිතිකරු හයේ පහරක් එල්ල කිරීමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...