බංග්ලාදේශයට අමිහිරි පරාජයක් උරුම කරමින් එක්සත් අරාබියට ඓතිහාසික ජයක්

Date:

බංග්ලාදේශය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රීඩා කළ දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (19) රාත්‍රියේදී සාජාහීදී නිමාවට පත්වුණේ එක්සත් අරාබි කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

එහිදී එක්සත් අරාබී එමීර් රාජ්‍ය කණ්ඩායම සිය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යාම වාර්තා කරමින් බංග්ලාදේශයට එරෙහිව තමන් ලැබූ පළමු විස්සයි 20 ජය වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් UAE නායක මුහම්මද් වසීම් ප්‍රථමෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් බිඳ වැටී ලකුණු 206 ක දැවැන්ත ඉලක්කයක් UAE කණ්ඩායමට ලාබා දීමට සමත්වුණා.

අනර්ඝ ඉනිමක නිරත වූ තන්සිඩ් හසාන් පන්දු 33 කදී ලකුණු 59 ක්‍ රැස් කළා. තෞහිද් රිදෝයි ලකුනු 45(24) යි. ලිටන් කුමාර් දාස් ලකුණු 40(32) ක් ද නජ්මුල් හුසේන් ශන්තෝ ලකුණු 27(19) ක් රැස්කළා.

පන්දු යැවීමේදී මුහම්මද් ජවදුල්ලා ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා.

අනතුරුව UAE කණ්ඩායමට එරෙහිව ලකුණු 206 ක ඉලක්කය සාර්ථකව ආරක්ෂා කිරීමේ අරමුණින් බංග්ලාදේශ පන්දු යවන්නන් පිටියට පිවිසියත් තරගයේ අවසන් පන්දුවාරයේ 5 වන පන්දුවේදී ඔවුන්ගේ බලාපොරොත්තු බිද වැටී ගියා. ඒ, UAE පිල කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමත් සමගයි.

විශිෂ්ඨ ඉනිමක නිරතවු UAE නායක මුහම්මද් වසීම් හතරේ පහරවල් 9 ක් සහ හයේ පහරවල් 5 ක් සමගින් පන්දු 42 කට මුහුණ දෙමින් ලකුණු 82 ක් වාර්තා කිරීමට සමත්වුණා.

මුහ්ම්මද් සොහයිබ් ලකුණු 38(34) යි. අසීෆ් කාන් ලකුණු 19(12) කට දැවී ගියා. හෙයිදර් අලී නොදැවී ලකුණු 15(5) රැස් කළා.

ඒ අනුව ඉතාමත් උණුසුම් තරගයකින් පසු කඩුලු දෙකකින් ඉතිහාසගත ජයග්‍රහනයක පහස විඳ ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වූ අතර, මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරග 1-1 ක් ලෙස තරගාවලියේ සම මට්ටමේ පසුවනවා. අවසන් තරගය 21 වනදා සාජාහීදීම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...