ඉන්දියාව ආසියානු කුසලානය වර්ජනය කරයිද? කටකතාවලට BCCI උත්තර දෙයි

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා තම කණ්ඩායම සහභාගී නොකිරීමට තීරණය කර ඇති බවට පල වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Devajit Saikia සදහන් කළේ ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු සාකච්ඡාවක් සිය මණ්ඩලය තුළ සිදුව නොමැති බවයි.

මෙම අවස්ථාවේදී සිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා පමණක් යොමු කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතත්, තරගාවලියේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර නැහැ.

ජූනි මාසයේදී ආසියානු නැගී එන කණ්ඩායම් කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිවලට සිය කණ්ඩායමේ සහභාගීත්වය සම්බන්ධයෙන් වන කිසිදු තීරණයක් මෙතෙක් ආසියානු ක්‍රිකට් කවුන්සලයට තම මණ්ඩලය දැනුම් දී නොමැති බවයි ලේකම්වරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත්, ආසියානු නැගී එන කණ්ඩායම් කාන්තා ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලය නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ.

ඉන්දියාව හා පාකිස්තානය අතර ආරම්භ වූ යුද ගැටුම් හේතුවෙනුයි ආසියානු කුසලාන තරගාවලිය සදහා ඉන්දියාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් හා ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම පිළිබද මේ වන විට අවිනිශ්චිතතාවයක් ගොඩ නැගී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...