පෙරමුණ ගැනීමේ අරමුණින් මුම්බායි පිල අද යළි තරග බිමට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 35 වන තරගය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

කොල්කටා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග 8න් තරග 4ක් ජය ගනිමින්.

තරග 8න් 3ක් ජය ගත් හයිදරාබාද් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවනවා.

තරගාවලියේ 36 වැනි තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඩුබායි ක්‍රීඩාංගනයේ දී යි.

එම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, පන්ජාබ් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් පමණක් ලබා ගනිමින්.

අද තරගයෙන් මුම්බායි කණ්ඩායම ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...