දකුණු අප්‍රිකානුවන් දෙදෙනාගේ එකට ගැටුම

Date:

ක්‍රිකට් පිටියේ අනතුරු සිදු වීම සාමාන්‍ය දෙයක්.

ඇතැම් විට උඩ පන්දු රැක ගැනීමට යාමේ දී පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙකා ගැටෙන අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ අප දැක තිබෙනවා.

ඊට අමතරව පන්දුව ක්‍රීඩකයින්ගේ ශරීරවල ගැටීම හේතුවෙන් ද නිරතුරුවම ක්‍රිකට් පිටියේ අනතුරු සිදු වනවා.

මෙවැනි අනතුරු සිදු වන ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් අනතුරක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(17) පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී ද දැක ගත හැකි වුණා.

එම අනතුර සිදු වූයේ පිතිකරුවෙකු සහ පන්දු යවන්නෙකු එකිනෙකා ගැටීමෙන්.

සිද්ධියට මුහුණ දුන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුම වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ කාගිසෝ රබාඩා.

ඩු ප්ලෙසිස් ලකුණක් කරා වේගයෙන් දිව යන අවස්ථාවේ මෙම අනතුර සිදු වූයේ අදාළ පන්දුව යොමු කළ කාගිසෝ රබාඩා සහ ඩු ප්ලෙසිස් එකිනෙකා ගැටීම හේතුවෙනුයි.

අනතුරින් පසු රබාඩාට වඩා ෆෆ් ඩු ප්ලෙසිස් යම් වේදනාවකින් පසු වූ අයුරු ද දක්නට ලැබුණා.

ඊට අදාළ දර්ශණ නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...