පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින් 9 දෙනෙකුට අනතුරු ඇගවීමක්

Date:

පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ නිළධාරීන් තිදෙනෙකු රාවල්පින්ඩිහි පිහිටි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ජෛව ආරක්ෂිත පරිසරයෙන් මිදී කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එරට ජාතික පන්දුවාර 20යි 20 කුසලාන තරගාවලිය අතරතුර දී යි ඔවුන් මෙලෙස කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්තේ.

මෙම සිද්ධිය හේතුවෙන් අදාළ 12 දෙනාට එරෙහිව අනතුරු ඇගවීමක් ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති බව සදහන්.

අනතුරුව ඔවුන්ට කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණ ද සිදු කර ඇති අතර, සියලු දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව අණාවරණය වී තිබෙනවා.

අදාළ ක්‍රීඩකයින් 9 දෙනා අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී කිසියම් අයෙකු මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් තරගාවලියට අදාළව නිර්මාණය කර ඇති ජෛව ආරක්ෂිත පරිසරයට බලපෑම් කළහොත් ඔවුන් මෙම තරගාවලියෙන් සහ ඉදිරි තරගාවලියන්ගෙන් ඉවත් කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...