බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ගයානා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 157ක් රැස් කළා.
නායක බබාර් අසාම් ලකුණු 51(40)ක් (6×2, 4×4) හා මොහොමඩ් රිස්වාන් ලකුණු 46 (36) ක් (6×2, 4×2) ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 4ක් හා ඩ්වේයන් බ්රාවෝ කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි.
නිකලස් පූරාන් නොදැවී ලකුණු 62(33)යි. (6×6, 4×4)
එවින් ලුවිස්ට ලකුණු 35ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.
පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස්, ශහීන් ශාහ් අෆ්රිඩි හා මොහොමඩ් වසීම් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
හෆීස් සිය පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 6ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

