සංගා CPL තරගාවලියටත්

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායමේ නම බාර්බඩෝස් රෝයල්ස් ලෙස සංශෝදනය කර තිබෙනවා.

ඒ, එම කණ්ඩායමේ වැඩි හිමිකාරීත්වයක් Royals Sports Group (EM Sporting Holdings Ltd) වෙත නතු වීම හේතුවෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන්නේ ද එම සමූහයයි.

IPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින් CPL තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගත් තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මීට පෙර ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා ශාන්ත ලුසියා සෝක්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය ද එලෙස IPL කණ්ඩායම් හිමිකරුවන් සතුවුණා.

බාර්බඩෝස් කණ්ඩායම 2014 හා 2019 වසරවලදී CPL ශුරතාවය දිනා ගත් අතර, 2021 වසරේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේසන් හෝල්ඩර්ට පැවරෙනු ඇති.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන කුමාර් සංගක්කාර බාර්බඩෝස් කණ්ඩායමේ ද වගකීම භාර ගැනීමට නියමිතයි.

මෙවර CPL තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...