ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස සුපිරි ක්‍රීඩකයින් සමගින් T20 තරගාවලියක් මහනුවර දී

Date:

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ සියළු තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් එම කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙනවා.

සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බව ද සදහන්.

පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාලසටහනට අනුව වැදගත් තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන බැවින්, ඊට අවශ්‍ය තරග පුහුණුව ලබාදීම මෙම තරගාවලිය සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණක්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම ද අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කළේ.

තරගාවලිය නියෝජනය කරනු ලබන එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...