පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය අභියසටම ඇද වැටෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (16).

අද දිනයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 306 කට සීමා කිරීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් සමත් වුණා.

ආරම්භක කඩුල්ල සදහා නිශාන් මදුෂංක හා දිමුත් කරුණාරත්න ලකුණු 105 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. දිමුත් ලකුණු 43 කට දැවී ගිය අතර, මදුෂ්ක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 77 ක්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 66 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 51 ක් ද රැස් කළා. සධීර සමරවික්‍රම ලකුණු 25 යි.

පන්දු යැවීමේ දී Farhan Ahmed ලකුණු 87 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Josh Hull, Zaman Akhter හා Lyndon James කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්ත ලයන්ස් කණ්ඩායම ජයග්‍රහනය සදහා ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 122 ක්.

වොස්ටර් හී දී ‌පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි. දිමුත් කරුණාරත්න ලකුණු 26 කට දැවී ගිය අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් හා මිලාන් රත්නායක ලකුණු 17 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Zaman Akhter ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත් අතර, Josh Hull ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්. එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 91 ක් ලබා ගත් Hamza Shaikh. Kasey Aldridge ලකුණු 78 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 102 කට කඩුලු 5 ක් බිද හෙලුවා. කසුන් රාජිත කඩුලු 2 ක් දවා ගත් අතර, ලහිරු කුමාර හා මිලාන් රත්නායක කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...