පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හතක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති සිව්දින පුහුණු ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්. ඔවුන් අද දිනයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

Rob Yates නොදැවී ලකුණු 57 ක් හා James Rew නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු දෙකක් බිද හෙලුවා.

වොස්ටර් හී දී ‌පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ලයන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 306 කට සීමා කිරීමට එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් සමත් වුණා.

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 21 වැනිදා මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...