විශ්මිගේ ශතකය අපතේ යයි – ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම අද(16) සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 260 ක් ලබා ගනිමින්.

නායිකා චමරි අතපත්තු ඇය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය නමුත්, අනර්ඝ ඉනිමක නිරත වූ විශ්මි ගුණරත්න පන්දු 98 කින් ලකුණු 101 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 9ක් ද සමගින්.

ඇය ඉතිහාසගත වුණේ චමරි අතපත්තු හැරුණු විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ශතකයක් වාර්තා කළ පළමු පිතිකාරිණිය ලෙසයි. එමෙන්ම 18 හැවිරිදි විශ්මි අද වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසයි.

හසිනි පෙරේරා ලකුණු 46 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Orla Prendergast ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Alana Dalzell හා Arlene Kelly කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

අනර්ඝ ශතකයක් වාර්තා කළ Orla Prendergast නොදැවී ලකුණු 122 ක් (පන්දු 111) රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ හයේ පහර දෙකක් හා හතරේ පහර 10 ක් සමග සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 54 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...