පුරප්පාඩු වූ අංක 6 ස්ථානයට ක්‍රීඩා කරන්නේ කවුද? මෙන්ඩිස් පිළිතුරු දෙයි

Date:

ධනංජය ද සිල්වා එක්දින සංචිතයට ඇතුළත් නොවීමත් සමග පුරප්පාඩු වන අංක 6 ස්ථානය සදහා ක්‍රීඩා කිරීමට මේ වන විට පිතිකරුවන් තිදෙනෙකු අතර සටනක් පවතින බව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

අද (6) සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙන්ඩිස් සදහන් කළේ සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු හා ජනිත් ලියනගේ වැනි ක්‍රීඩකයින් එම ස්ථානය වෙනුවෙන් සලකා බලන බවයි.

තණතීරුව ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අංක 6 ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයා තෝරා ගන්නා බව ශ්‍රී ලංකා නායකයා කියා සිටියා. (දර්ශන පහතින්)

මේ අතර, ආබාධයකට ලක්ව සිට සුවය ලැබූ වනිදු හසරංග පළමු තරගය සදහා ක්‍රීඩා නොකරන බව කුසල් මෙන්ඩිස් ද මෙම මාධ්‍ය හමුවේ දී තහවුරු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...