වෝනර්ගේ අතුරුදන් වූ හිස්වැසුම් සොයා ගනියි – සිදු වූ දේ තමවත් අභිරහසක්

Date:

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ අස්ථානගත වූ ටෙස්ට් හිස්වැසුම් (baggy green) යළි හමු වී තිබෙනවා.

ඒ, මෙල්බර්න් සිට සිඩ්නි දක්වා ගමන්මලු ප්‍රවාහනය කරන අතරවාරයේ දී සිය හිස්වැසුම් සහිත ගමන්මල්ල අස්ථානගත වී ඇති බව වෝනර් විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයට පත් කර දින 4ක් ගත වීමෙන් පසුවයි.

අදාළ ගමන් මල්ලේ වෝනර්ගේ හිස්වැසුම් දෙකක් තිබී ඇති අතර, ඉන් එක් හිස්වැසුමක් 2011 වසරේ දී ඔහු ටෙස්ට් වරම් දිනූ අවස්ථාවේ දී ඔහුට ලැබුණු හිස්වැසුමයි.

මෙම ගමන් මල්ල සිඩ්නි නුවර ක්‍රීඩකයින් රැදී සිටි හෝටලයේ තිබියදීම සොයා ගෙන ඇති අතර, එය එම හෝටලය වෙත ලද ආකාරය තවමත් සොයා ගෙන නැහැ.

“පුළුල් සෝදිසි කිරීම් සහ ස්ථාන කිහිපයක CCTV දර්ශන සමාලෝචනය කර තිබියදී හා අඟහරුවාදා සිට බොහෝ පාර්ශවයන් එය සෙවීමට උත්සාහ කර තිබියදීත් අතුරුදහන් වූ බෑගය ගමන් කළ ආකාරය සොයා ගත නොහැකියි.” යනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

සිය හිස්වැසුම් යළි හමු වීම සම්බන්ධයෙන් ඩේවිඩ් වෝනර් සිය අවසන් ටෙස්ට් තරගය අතරතුර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් මෙලෙස අදහස් පල කළා.

 

View this post on Instagram

 

A post shared by David Warner (@davidwarner31)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...