පිතිකාරිණියන් ලකුණු අතරට ආවොත් ඉන්දියාවට ලොකු අභියෝගයක් එල්ල කළ හැකියි : චමරි

Date:

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20යි 20 හා එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකාරිනියන් සාර්ථකව දක්ෂතා දැක්වුවහොත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු බව නායිකා චමරි අතපත්තු පවසනවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ හෙට(23) දඹුල්ලේ දී ආරම්භ වන විස්සයි 20 තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව සඳහන් කළා.

“වැදගත්ම දේ තමයි අපේ ක්‍රීඩිකාවන්ගේ පිතිකරණය. විශේෂයෙන්ම පිතිකරණයේ දී අපි සාර්ථක වුනොත් අපිට එක්දින තරගාවලියේදී ලකුණු 250ක් 260ක් ලබා ගන්න පුලුවන්නම් සහ විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 150ක් 160ක් ලබා ගන්න පුලුවන්නම් අනිවාර්යෙන්ම අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්.” යනුවෙන් චමරි කියා සිටියා.

“මොකද කණ්ඩායම් දෙකේම පන්දු යැවීම ගත්තම සම මට්ටමක තියෙන්නේ. පිතිකරණයෙන් තමයි ඉන්දීය කණ්ඩායම ටිකක් ඉහළ මට්ටමකින් ඉන්නේ. මොකද ඔවුන්ට ඉන්නවා ඉක්මනින් ලකුණු ලබාගන්න හැකියාව තියෙන ක්‍රීඩිකාවන් රැසක්, ඒ වගේම ඔවුන්ට හොඳ අත්දැකීම් තියෙනවා.”

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගයෙන් ලකුණු ලබා ගත හැකි සහ අත්දැකීම් සහිත පිතිකාරිණියන් අවම බවයි ශ්‍රී ලංකා නායිකාව පෙන්වා දෙන්නේ.

නමුත්, සිය කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තරග පැවැත්වෙන දිනවල දී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළහොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතු බව ද නායිකා චමරි අතපත්තු සදහන් කර සිටියා.

නිම වූ පාකිස්තාන තරගාවලියේ දී අසාර්ථක වීමට හේතු වූ කරුණු පිළිබඳව ද මෙහිදී චමරි අතපත්තු අදහස් පළ කළා.

ලාහෝර් නුවර තරග පැවති ක්‍රීඩාංගනයේ තණතීරුව ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට අභියෝගයක් එල්ල වන පරිදි සකස් කර තිබූ බවයි ඇය පෙන්වා දෙන්නේ.

එම තණතීරුවලට අනුගත වෙමින් පිතිකරණයේ නිරතවීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම හේතුවෙන් එම තරග සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක්වීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නායිකාවගේ අදහසයි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...