එක් වෙනස්කමක් සමග තෙවැනි ටෙස්ට් ගැටුමට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

නවසීලන්තය සමඟ හෙට(23) ආරම්භ වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේමී ඕවර්ටන් ටෙස්ට් වරම් දිනා ගන්නා බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

ආබාධයකට ලක්වූ ජේම්ස් ඇන්ඩර්සන් වෙනුවට ඔහු කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය හා සැසඳීමේ දී එංගලන්ත කණ්ඩායමේ සිදුව ඇති එකම වෙනස්කම වන්නේ මෙම නම් කිරීම පමණයි.

නායක බෙන් ස්ටොක්ස් ද අසනීප තත්ත්වයකින් පසු වූ අතර, ඒ හේතුවෙන් තෙවැනි තරගය සදහා ඔහුගේ සහභාගීත්වය ද මීට පෙර අවිනිශ්චිතව පැවතුණා.

කෙසේ වෙතත්, හෙට තරගයේ දී ස්ටොක්ස් කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය මේ වන විටත් තරගාවලියේ ජය තහවුරු කර ගෙන අවසන්.

තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතයි.

England XI for 3rd Test:

Alex Lees, Zak Crawley, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (C), Ben Foakes, Matty Potts, Jamie Overton, Stuart Broad, Jack Leach

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...