රෝයිගේ ශතකය හා බට්ලර්ගේ ප්‍රහාරය හමුවේ එංගලන්තයට 3-0ක තරගාවලි ජයක්

Date:

නෙදර්ලන්තය සමග පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරඟයෙන් එංගලන්තය කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමඟයි.

Amstelveen පැවැති තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 49. 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 244 ක් පමණයි.

Scott Edwards ලකුණු 64ක් ද, Bas de Leede ලකුණු 56ක් ද, Max O’Dowd ලකුණු 50 ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී ඩේවිඩ් විලී ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 30.1 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 248ක් ලබා තරගයේ ජය තහවුරු කර ගත්තා.

ආරම්භක පිතිකරු ජේසන් රෝයිල පන්දු 86කින් නොදැවී ලකුණු 101 ක් රැස් කළා. ඒ, හතරේ පහර 15 ක් සමගින්.

නිත්‍ය නායක ඔයින් මෝර්ගන් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජොස් බට්ලර් පන්දු 64කින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. හයේ පහර 5ක් සහ හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී Paul van Meekeren ලකුණු 59 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද එංගලන්තය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...