“පිතිකරුවන් තමන්ගේ ලකුණු ශතකවලට පරිවර්තනය කරන්න ඕනේ” : සනත් ජයසූරිය

Date:

ඇතැම් පිතිකරුවන් ලබා ගත් සාර්ථක ආරම්භයන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා පරිවර්තනය කර ගැනීමට ඔවුන්ට නොහැකි වීම දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයට පත් වීම සදහා බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

Gqeberha හී දී පැවැති තරගයෙන් ලකුණු 109 ක පරාජයක් ලැබීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පළමු පිතිකරුවන් 5 දෙනා අවම වශයෙන් ලකුණු 20 ක් හෝ ලබා ගැනීමට සමත් වූ නමුත්, අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණේ පැතුම් නිස්සංක පමණයි. ඔහු ද ලකුණු 89 ක් ලබා සිටියදී අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී ගියේ ශතකයක් රැස් කිරීමට තිබූ පහසු අවස්ථාවක් අපතේ යවමින්. දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස් හා කමිදු මෙන්ඩිස් යන පිතිකරුවන් ලකුණු 40 ත් 50 ත් අතර දැවී ගියා.

“පිතිකරුවන් තමන්ගේ ලකුණු ශතකවලට පරිවර්තනය කරන්න ඕනේ, තිහේ ඒවා හතලිහේ ඒවා ගහලා මදි” යනුවෙන් සනත් ජයසූරිය සදහන් කළා.

“ඒක මේ කඩුලුවල අභියෝගයක්. නමුත් මේ වගේ සංචාරයක අවම වශයෙන් පිතිකරුවන් දෙදෙනෙකුවත් ශතක වාර්තා කරන්න අවශ්‍යයි. නමුත් ඒක වුණේ නැහැ. අසූවෙ දෙකක් තියෙන්නේ. ඉතිං එයාලට ඒක තේරෙනවා ඇති ඒ ශතකවල තියෙන වටිනාකම.”

“හොද තරගාවලියක්. පළමු තරගයේදී ලකුණු 42 ට දැවී ගියාට පස්සේ අපේ Comeback එක හොදයි. හැබැයි පොඩි පොඩි තැන් ටිකක් හදා ගන්න තියෙනවා”

මෙම ටෙස්ට් තරගාවලියේදී කමිදු මෙන්ඩිස්ගේ දක්ෂතා ද බලාපොරොත්තු වූවාට වඩා තරමක පහළ මට්ටමක පැවතුණා. ඔහු තරගාවලියේදී ක්‍රීඩා කළ ඉනිම් හතරේදී පිළිවෙලින් ලකුණු 13, 10, 48, හා 35 ක් රැස් කළා. තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 91.27 ක් ලෙස පැවැති අතර, මේ වන විට එය 74 ක් දක්වා පහත වැටී තිබෙනවා.

“කමිදු මෙන්ඩිස් කියන්නේ අපේ වැදගත් ක්‍රීඩකයෙක්. හැම ටෙස්ට් තරගයේදීම ලකුණු අතරේ සිටියා මේ තරගාවලියේ හැර. මේ තරගාවලියේදීත් එයා පිතිකරණයේ නිරත වුණේ ලොකු විශ්වාසයකින්. අන්තිම ඉනිමේදීත් එයා ධනාත්මකව පිතිකරණයේ නිරත වුණා. හැම ඉනිමේදීම පිතිකරුවෙකුගෙන් 50 ඒවා 100 ඒවා බලාපොරොත්තුවෙන්න බෑ. එයාටත් හොද බෝලයන් වැටෙන්න පුලුවන්. ඒකයි පිතිකරුවන් හයක්, 7ක් ගහන්නේ. ක්‍රීඩකයෙකු විදිහට එයා විශිෂ්ඨ ක්‍රීඩකයෙක් අපිට ඉන්න.”

“එයා ගැන අනෙක් කණ්ඩායම් හොයලා බලනවා. මෙහෙ එන්න කළින් දකුණු අප්‍රිකා කණ්ඩායමත් එයා ගැන හොයලා බැලුවා. එයාව කොහොමද අවුට් කරන්නේ කියලා. ඔහොම ලකුණු ගහනකොට අනිත් කණ්ඩායම් එයාගෙ තොරතුරු බලන්න පටන් ගනියි. ඒකට එයා වැඩකරනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...