Watch : ජය පරාජයෙන් තොර වීම අමතක වීම නිසා තස්මේනියාව අවසන් පන්දුවේදී තරගයක් පරදියි

Date:

ටෙස්ට් තරගයක් හෝ පළමු පෙල තරගයක් පරාජයන් ගැළවීමට හැකි එකම ක්‍රමය වන්නේ ජයග්‍රහනයම නොවේ. ජය පරාජයෙන් තොරව තරගයක් අවසන් කර ගැනීම ද කණ්ඩායම් දෙකම ලබන එක්තරා ජයග්‍රහනයක්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Sheffield Shield තරගාවලිය යටතේ තස්මේනියා කණ්ඩායම හා දකුණු ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගාවලියේ 18 වැනි තරගයේදී තස්මේනියා පිලේ අවසන් පිතිකරුට මෙම කරුණ අමතක වීම හේතුවෙන් තස්සේනියා කණ්ඩායමට අවසන් පන්දුවේදී තරගය පරාජයකින් අවසන් කර ගැනීමට සිදු වුණා.

හෝබාර්ට්හි පැවැති තරගයේදී ලකුණු 429 ක ඉලක්කයක් හඹා ගිය තස්මේනියාවට අවසන් පන්දුවේදී තරගය ජය ගැනීම සදහා ලකුණු 4ක් අවශ්‍ය වූ අතර, ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි. ඒ අනුව එම කඩුල්ල දවා ගතහොත් තරගයේ ජය දකුණු ඔස්ට්‍රේලියා පිලට හිමි වන අතර, එම කඩුල්ල දවා ගැනීමට හෝ ලකුණු 4 රැස් කිරීමට නොහැකි වුවහොත් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමට නියමිතව තිබුණා.

එවන් පසුබිමක අවසන් පන්දුවට මුහුණ දුන් Riley Meredith පහරක් එල්ල කිරීමෙන් පසුව එක් ලකුණක් කරා පහසුවෙන් පැති මාරු කර ගත් අතර, ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ බවක් සියලු දෙනාට පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත්, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් Meredith අනවශ්‍ය අයුරින් දෙවන ලකුණ කරා දිව යාමට අසාර්ථක උත්සාහයක නිරත වූ අතර, අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් Lawrence Neil-Smith විසින් Meredith හට ආපසු හැරී යන ලෙසට පවසා සිටියා.

නමුත්, ඒ වන විටත් තණතීරුවේ බොහෝ දුරක් දිව ගොස් සිටි Meredith හට ආපසු සීමාව කරා පැමිණීමට තරම් වේලාවක් ඉතිරිව නොතිබූ බැවින් ඔහු දුවද්දී දැවී යාමකට හසු වුණේ තස්මේනියා කණ්ඩායමට අනවශ්‍ය පරාජයක් උරුම කර දෙමින්. ඒ අනුව තරගයෙන් ලකුණු දෙකක ජයක් දකුණු ඔස්ට්‍රේලියාවට හිමි වුණා.

මෙය වසර 132 ක් පැරැණි Sheffield Shield තරගාවලි ඉතිහාසයේදී කණ්ඩායමක් තරගයක් ජය ගත් සම අවම ලකුණු සංඛ්‍යාවයි.

අවසන් පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...