SA 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 4 ක් දක්වා ඉහළට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිව තිබෙනවා.

ඔහු SA20 තරගාවලියේ තෙවැනි අදියරේදී Paarl Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජේකබ් බෙතෙල් වෙනුවට දුනිත් එම කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

බෙතෙල්ට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුව තිබීම නිසා ඔහු එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා නොකරන බව සදහන්.

මීට පෙර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ද දුනිත් වෙල්ලාලගේ රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත Barbados Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන SA20 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 4 ක්.

මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ Joburg Super Kings කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර, නුවන් තුෂාර MI Cape Town කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

2025 SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා සිට පෙබරවාරි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...