පිට පිට ශතකය අබියස දී දෙවරක් දැවී ගිය වෝනර් කළ දේ

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ඇඩිලේඩ්හී දී ආරම්භ වුණා.

මෙම තරගයේ දී ද ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ශතකය පෙනි පෙනී දැවී යාම විශේෂත්වයක්.

පළමු තරගයේ පළමු ඉනිමේ දී ඔහු ලකුණු 94කට දැවී ගිය අතර, අද ආරම්භ වූ තරගයේ පළමු ඉනිමේ දී වෝනර් දැවී ගියේ ලකුණු 95කටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ල ලෙස මර්කස් හැරිස් ලකුණු 3කට දැවී ගියා.

අනතුරුව වෝනර් හා මර්නස් ලබුෂේන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172ක සබදතාවයක් ගොඩ නැගුවා.

එම සබදතාවය බිද වැටුණේ බෙන් ස්ටොක්ස් යොමු කළ පන්දුවකට ස්ටුවට් බ්‍රෝඩ් අතට ඩේවිඩ් වෝනර් විසින් උඩ පන්දුවක් ලබා දී දැවී යාමත් සමගයි.

පන්දු 167කින් වෝනර් වාර්තා කළ ලකුණු 95ට හතරේ පහර 11ක් ඇතුළත්.

දැවී යාමෙන් පසුව ඩේවිඩ් වෝනර් ක්‍රීඩාගාරය වෙත ගමන් කරන අතර වාරයේ දී ඔහු විසින් සිය අත් ආවරණ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු වෙත ලබා දෙන අයුරු ද දක්නට ලැබුණා.

දැවී යාමේ හා අත් ආවරණ ලබා දුන් අවස්ථාවට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...