දෙවැනි ටෙස්ට් තරගයේ දී ස්මිත්ට නායකත්වය හිමි වූ හේතුව

Date:

එංගලන්තය සමග පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(16) ඇඩිලේඩ්හී දී ආරම්භ වූ දෙවැනි තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත්ට හිමි වුණා.

ඒ, නිත්‍ය නායක පැට් කමින්ස්ට මෙම තරගයෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.

ඊයේ පස්වරුවේ දී පැට් කමින්ස් අවන්හලක සිට සිය සහෝදරයා හා ක්‍රිකට් ක්‍රීඩක හැරී කොන්වේ සමගින් ආහාර ගෙන ඇති අතර, එම අවන්හල තුළ කොවිඩ් 19 ආසාදිතයෙකු සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට දින 7ක් නිරෝධායනය වීමට සිදුව ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුවයි කමින්ස්ට අද ආරම්භ වූ දෙවැනි අලුබදුන තරගය අහිමි වුණේ.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමේ දී පැට් කමින්ස් විසින් ජෛව ආරක්ෂිත බුබුලේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර නොමැති බව සදහන්.

පැට් කමින්ස් වෙනුවට මයිකල් නෙසර් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවීමට පියවර ගත් අතර, මෙය ඔහුගේ මංගල ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ දී පන්දුව පළුදු කිරීමේ සිදුවීමට වරදකරුවෙකු වීමෙන් අනතුරුව ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව ලෙසයි අද තරගය ඉතිහාසයට එක්වන්නේ.

මේ අතර, අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වුණා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මර්කස් හැරිස් දවා ගැනීමට මෙලෙස සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් විසින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...