පාකිස්තානයට පැමිණි කොදෙව් කණ්ඩායමේ තවත් පිරිසකට කොරෝනා

Date:

පාකිස්තාන තරග සංචාරයක නිරත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට සම්බන්ධ තවත් සාමාජිකයික් 5 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අතර ක්‍රීඩකයින් තිදෙනෙකු ද සිටින බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි සීමිත පන්දුවාර තරග 4 (තෙවැනි 20යි 20 තරගය හා එක්දින තරග 3) පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙනවා.

නව ආසාදිතයින් ලෙස මෙලෙස හදුනා ගෙන ඇත්තේ ෂායි හෝප්, අකීල් හුසෙයින්, ජස්ටින් ග්‍රීව්ස් යන ක්‍රීඩකයින් සහ සහාය පුහුණුකරු Roddy Estwick, භෞත චිකිත්සක Akshai Mansingh යන අයයි.

ඒ අනුව එම ක්‍රීඩකයින් තිදෙනාට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරග හතරම අහිමි වන අතර, වෛරසය ආසාදනය වූ 5 දෙනාම හුදෙකලා කර තැබීමට ද කටයුතු කර තිබෙනවා.

මීට පෙර ද කොදෙව් කණ්ඩායම පාකිස්තානයට පැමිණීමෙන් පසුව කළ වෛද්‍ය පරීක්ෂණවලදී ක්‍රීඩකයින් තිදෙනෙකුට හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැණුනා.

එලෙස කොවිඩ් 19 ආසාදනය වුණේ ශෙල්ඩන් කොට්‍රෙල්, රොස්ටන් චේස්, ක්යිල් මේයර්ස් යන ක්‍රීඩකයින්ටයි.

ඒ අනුව මේ වන විට ක්‍රීඩකයින් 6 දෙනෙකුට මෙවර පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි තරග අහිමි වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඩෙවෝන් තෝමස් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහුට ද ඉදිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අද(16) දිනයේ දී දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡාවක් සිදු කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...