කෝලි හා බබාර් සමගින් දිමුත් එක් ස්ථානයකින් පසු බසියි

Date:

නවතම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව එහි ටෙස්ට් පිතිකරුන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 152ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ට්‍රැවිස් හෙඩ් ස්ථාන 16කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 10 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඩේවිඩ් වෝනර් ද ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇත්තේ 6 වැනි ස්ථානය දක්වායි.

ඒ හේතුවෙන් මෙතෙක් 7 වැනි ස්ථානයේ පසු වූ දිමුත් කරුණාරත්න මේ වන විට 8 වැනි ස්ථානය දක්වාත්, 6 වැනි ස්ථානයේ පසු වූ විරාට් කෝලි 7 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පසුබැස තිබෙනවා.

8 වැනි ස්ථානයේ පසු වූ බබාර් අසාම්ට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...