පිට ඉන්න මීටර් ගණනාවක් දුරට විසි වෙන්න රබාඩා ගේල්ට දාපු සුපිරි පන්දුව

Date:

ලීග් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කතා කරද්දී අමතක කළ නොහැකි ක්‍රීඩකයෙකු තමයි කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් කියන්නේ.

මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසය පුරාම සුවිශේෂී වාර්තා රැසක් සිය නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත්ව තිබීම පුදුමයට කරුණක් නොවේ.

නමුත් මෙවර IPL තරගාවලියේදී ක්‍රිස් ගේල් තරමක පසුබැසීමකට ලක්ව තිබෙන ආකාරයක් දැකගන්නට පුලුවන්.

මෙවර තරග 8 කට ක්‍රීඩා කර තිබෙන ක්‍රිස් ගේල් කිසිදු අර්ධ ශතකයක් වාර්තා කිරීමට මෙතෙක් සමත් වී නොමැති අතර, ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 178ක්.

මෙවරත් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මෙම සුපිරි පිතිකරුවා දිල්ලී කැපිටල්ස් කණ්ඩායමට එරෙහි අද(2) තරගයේ දී ද සාර්ථක ඉනිමක් දියත් කිරීමට සමත් වූයේ නැහැ.

ලකුණු 13(9) ක් ලබා සිටියදී ඔහුව දවා ගැනීමට කගීසෝ රබාඩා සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සළස්වමින්.

රබාඩා යොමු කළ ෆුල්ටොස් පන්දුවකට ක්‍රිස් ගේල් එලෙසින් දැවී ගිය අතර, පන්දුව කඩුල්ලේ ගැටීමෙන් පසුව පිට ඉන්න මීටර් කිහිපයක් ඈතට විසීවීමට තරම් එම පන්දුව වේගවත් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

කෙසේ වෙතත්, බොහෝ ප්‍රේක්ෂකයින් තවමත් අපේක්ෂාවෙන් පසුවන්නේ යුනිවර්ස් බොස් නම් අනුවර්තන නාමයෙන් හදුන්වන මෙම සුපිරි පිතිකරුවා යළිත් සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මය කඩිනමින් සොයා ගනු ඇති බවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...