“තව එක් කඩුල්ලක් දවා ගැනීමයි වැදගත්” – රමේෂ් මෙන්ඩිස්

Date:

හෙට දිනයේ දී බංග්ලාදේශ දෙවැනි ඉනිමේ 6 වැනි කඩුල්ල කඩිනමින් දවා ගැනීමට හැකි වුවහොත් ඒ ඔස්සේ තරගය ජය ගැනීම සදහා අවශ්‍ය මාර්ගය පහසුවෙන් සකස් කර ගත හැකි බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පවසනවා.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද(2) දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

ප්‍රවීන් ජයවික්‍රම සහ තමා එකම ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීම තුළින් දෙදෙනාට දෙදෙනා පිළිබද ඇතිව තිබෙන අවබෝධය ද තමාට පන්දු යැවීමේ දී සහායක් වූ බව ඔහුගේ අදහසයි.

බංග්ලාදේශ ඉනිමේ තවත් කඩුල්ලක් දවා ගතහොත් ඉන් ඉදිරියට පිතිකරණය සදහා පැමිණීමට නියමිතව සිටින්නේ පන්දු යවන්නන් බැවින් ඔවුන් කඩිනමින් දවා ගැනීමට හැකි වනු ඇති බවට රමේෂ් මෙන්ඩිස් විශ්වාසය පල කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...