පංජාබය පරදා දිල්ලිය ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණට – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වන තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක මයාන්ක් අගාර්වල්ට අවාසනාවන්ත ලෙස එක් ලකුණකින් ශතකය අහිමි වූ අතර, ඔහු පන්දු 58කින් නොදැවී ලකුණු 99ක් රැස් කළා.

ඒ, හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් සමගින්.

ඩාවිඩ් මලාන් ලකුණු 26(26)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 36කට කඩුලු 3ක් බිද හෙලමින් පංජාබ් ඉනිම අඩපන කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 17.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ප්‍රිත්වි ෂෝ ලකුණු 39කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 25කටත් දැවී ගිය අතර, ශිකර් දවාන් නොදැවී ලකුණු 69ක් රැස් කරමින් දිල්ලි කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ALSO READ : රාහුල් හදිසියේ රෝහල් ගත කෙරේ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...