පාවාදීමකට මොහමඩ් සිරාජ්ට ලද ඇරයුමක් ගැන තොරතුරු හෙළි වෙයි

Date:

තමාට ලද දූෂිත ප්‍රවේශයක් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් විසින් ඉන්දීය ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය වෙත ලබා දී තිබෙනවා.

ඔට්ටු ඇල්ලීම හේතුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වූ පුද්ගලයෙකු අභ්‍යන්තර තොරතුරු දැන ගැනීමේ අරමුණින් මෙලෙස සිරාජ් හා සම්බන්ධ වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මාර්තු මාසයේ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී, එනම් අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට  පෙර අදාළ පුද්ගලයා මෙලෙස සිරාජ් හා සම්බන්ධ වී තිබෙනවා.

එහිදී වහාම මේ සම්බන්ධයෙන් තොරතුරු ඔහු විසින් දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් වෙත ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

“සිරාජ් වෙත ළගා වුණේ බුකිකරුවෙක් නෙවෙයි. ඔහු තරගවලට ඔට්ටු ඇල්ලීමට ඇබ්බැහි වූ හයිද්‍රාබාද් නගරයේ රියදුරෙක්.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පී.ටී.අයි පුවත් සේවය වෙත සදහන් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2013 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් වූ S Sreesanth, Ankeet Chavan හා Ajit Chandila තරග පාවාදීමේ චෝදනාව මත ද, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නිළධාරියෙකු වන Gurunath Meiyappan ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමේ චෝදනාව මත ද අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දීය ක්‍රිකට් බළධාරීන් දූෂණ මර්දන ක්‍රියාවලීන් දැඩි කරනු ලැබුවා.

දූෂිත ප්‍රවේශයක් සිදු වුවහොත් ක්‍රීඩකයෙකු ඒ පිළිබද දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් වෙත දැනුම් දිය යුතු අතර, එසේ සිදු නොකරන්නේනම් අදාළ ක්‍රීඩකයාට එරෙහිව දඩුවම් නියම කරනු ලබනවා.

බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන්ට ද තරග තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය 2019 වසරේ දී කටයුතු කළේ දූෂිත ප්‍රවේශයන් වාර්තා නොකිරීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...