දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පිති 16 ක් ඇතුළු උපකරණ තොගයක් සොරකම් කරලා ?

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම ක්‍රීඩා භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 15 වැනිදා බැංගලූරුහී දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම යළි දිල්ලි නුවර බලා පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස එම ක්‍රීඩා භාණ්ඩ අතුරුදන් වී ඇති බව අනාවරණය කර ගෙන ඇත්තේ.

පිති 16 ක්, සපත්තු, පා ආවරණ හා අත් ආවරණ තොගයක් ද මෙම අතුරුදන් වූ ක්‍රීඩා භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත්.

අතුරුදන් වූ පිති 3 ක් ඩේවිඩ් වෝනර්ට ද, පිති 2ක් මිචෙල් මාෂ්ට ද, පිති 3 ක් පිල් සෝල්ට් හට ද, පිති 5 ක් යශ් ධුල්ට ද අයත් වනවා.

දිල්ලි නුවරට පැමිණිමෙන් පසුව ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයට ඔවුන්ගේ ගමන්මළු ලැබීමෙන් අනතුරුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියේ දී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන්මළු සහ අනෙකුත් උපකරණ ප්‍රවාහනය කිරීමේ කටයුතු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් සේවා සපයන සමාගමකට භාර දී තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම එම සමාගම දැනුවත් කිරීමට කැපිටල්ස් කළමණාකාරීත්වය පියවර ගෙන ඇති අතර, පොලීසියට පැමිණිලි කිරීමටත්, අදාළ ගුවන් තොටුපොලවල් දැනුවත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.

දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත්ව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන මීළග තරගය හෙට(20) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...