Watch : සචින්ට බැරි වුණ දේ පුතා කරපු හැටි

Date:

ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පිළිබද මේ දිනවල යළි වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ, ඔහුගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය 16 වැනිදා පැවැති තරගයේ දී අයි.පී.එල් වරම් දිනා ගැනීමත් සමගයි.

සිය පියා සුපිරි පිතිකරුවෙකු වුවත්, අර්ජුන් තෙන්ඩුල්කාර් වමත් වේග පන්දු යවන්නෙකු ලෙසයි ක්‍රීඩා කරන්නේ.

සිය පළමු අයි.පී.එල් තරගයේ දී ඔහු පන්දුවාර 2ක් යොමු කළ නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ(18) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති තරගයේ දී පන්දුවාර 2.5 ක් යොමු කරමින් සිය මංගල අයි.පී.එල් කඩුල්ල බිද හෙලීමට අර්ජුන් තෙන්ඩුල්කාර් සමත් වුණා.

ඔහුගේ මංගල අයි.පී.එල් කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දැවී ගියේ සන්රයිසස් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි.

ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් හයිදරාබාද් ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කිරීමේ අභියෝගය අර්ජුන්ට පැවරුණු අතර, මුම්බායි පිලට ජය හිමි කර දීමටනම් එම පන්දුවාරයේ දී ලකුණු 20 ක් ආරක්ෂා කර ගැනීමේ අභියෝගය ඔහුට පැවරුණා.

අවසන් පන්දුවාරයේ දී ප්‍රතිවාදීන් රැස් කළේ ලකුණු 5 ක් පමණයි. අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි බුවනේෂ්වර් දැවී ගියේ. ඒ අනුව මුම්බායි පිලට ලකුණු 14 ක ජයක් මෙම තරගයෙන් හිමි වුණා.

සචින් තෙන්ඩුල්කාර් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී කඩුලු 201 ක් දවා ගැනීමට සමත්ව තිබුණා. කෙසේ වෙතත්, අයි.පී.එල් තරග 78 ක් ක්‍රීඩා කර තිබුණ ද සචින් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබුණේ නැහැ.

අර්ජුන් තෙන්ඩුල්කාර් බිද හෙලූ සිය මංගල අයි.පී.එල් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...