පාකිස්තාන සුපර් ලීග් අවසන් වටය අදින් ඇරඹේ

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ අවසන් වටයේ තරග 4 අදින් ආරම්භ වනවා.

අවසන් වටයේ පළමු තරගය (Qualifier) අද පැවැත්වෙන්නේ මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම සහ කරච්චි කිංග්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය ද (Eliminator 1) අද පැවැත්වෙන අතර, ඒ සදහා සුදුසුකම් ලබා ඇත්තේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සහ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට කරච්චි ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වනු ඇති.

පෙබරවාරි 20 වනදා ආරම්භ වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග කල් දැමීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙනුයි.

තරගාවලියේ සියලු තරග පළමු වරට මෙවර පාකිස්තානයේ දී ම පැවැත්වීමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.

තරග කාලසටහන :

14 Nov – Qualifier (Multan Sultans v Karachi Kings), Karachi,

Eliminator 1 (Lahore Qalandars v Peshawar Zalmi), Karachi

15 Nov – Eliminator 2 (loser Qualifier v winner Eliminator 1), Karachi

17 Nov – Final, Karachi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...