එංගලන්තය ජනවාරි 3 වනදා දිවයිනට

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමීමට සිදු වූ එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි 14 වනදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කර ඇත්තේ තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්වීම සදහා එංගලන්ත කණ්ඩායම ජනවාරි 3 වනදා දිවයිනට පැමිණෙනු ඇති බවයි.

දෙවන ටෙස්ට් තරගය ජනවාරි 23 ආරම්භ වීමට නියමිත අතර, තරග දෙකම ගාල්ලේ දී පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, තරගාවලිය සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතන මෙතෙක් විධිමත් ගිවිසුමකට එළඹ නොමැති අතර, ලබන සතියේ දී තවදුරටත් මේ සම්බන්ධයෙක් සාකච්ඡා පැවැත්වෙන බව සදහන්.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇති.

පසුගිය මාර්තු මාසයේ දී පැවැත්විමට නියමිතව තිබූ මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...