ජැෆ්නා ස්ටැලියන්ස් වැඩ අල්ලයි

Date:

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජැෆ්නා ස්ටැලියන්ස් (යාපනය) කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයින් මේ දිනවල තෙදින පුහුණු කදවුරකට එක්ව සිටිනවා.

ඊයේ(13) සිට මෙම පුහුණු කදවුර ආරම්භ කර ඇත්තේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

ඒ අනුව නායක තිසර පෙරේරා, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු,  මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවනිදු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රියන් දිනෝෂන් සහ යියාකාන්ත් යියස්කාන්ත් යන ක්‍රීඩකයින් මෙම පුහුණු කදවුරට එක්ව සිටින බව සදහන්.

එම දේශීය ක්‍රීඩකයින් 14 දෙනාට අමතරව තවත් විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද යාපනය කණ්ඩායම සදහා ඉදිරියේ දී එක්වීමට නියමිතයි.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...