මංගල්‍යට පෙර පියවරු වූ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා

Date:

ක්‍රිකට් ක්‍රීඩකයින් යනු බොහෝ විට ඉතා කාර්ය බහුල ජීවන රටාවකට හිමිකම් කියන පිරිසක් බව අමතුවෙන් සදහන් කළ යුතු නොවේ.

බොහෝ ක්‍රීඩකයින්ට විවිධ තරගාවලි සදහා සහභාගී වීමට ඇති බැවින් තම නිවසේ රැදී සිටිමින් සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට ඇති අවස්ථාව ඉතා සීමා සහිතයි.

ජාත්‍යන්තර තරග සංචාර සදහා පිටත්ව ගියහොත් ඇතැම්විට ඔවුන්ට මාස කිහිපයක් තම පවුලේ සාමාජිකයින් දැක ගැනීමට හැකි වන්නේ නැහැ.

ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර තරග සංචාර සදහා තම බිරිද සහ දරුවන් රැගෙන යාමට ද ක්‍රිකට් ක්‍රීඩකයින් කටයුතු කරනු අප දැක තිබෙනවා.

අද අප මෙම සටහනෙන් කතා කිරීමට සූදානම් වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ පෞද්ගලික තොරතුරු කිහිපයක් පිළිබදවයි.

එනම් තම විවාහ උත්සවයට පෙර පිය පදවිය ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකු පිළිබදවයි මෙම සටහනේ දී අප අවධානය යොමු කරන්නේ.

ඩේවිඩ් වෝනර් –

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නමක් දිනා ගත් ක්‍රීඩකයෙක්. ටෙස්ට්, එක්දින සහ 20යි 20 යන තරග රටා තුනේම සිය පිතිකරණ ආධිපත්‍ය පතුරුවා හැර ඇති වෝනර් ද තම විවාහයට පෙර පිය පදවිය ලැබූ අයෙක්. Candice Falzon සමග විවාහ වී සිටින ඩේවිඩ් වෝනර් මේ වන විට තිදෙරු පියෙකු වන අතර, ඔවුන්ගේ පළමු දරු උපත 2014 වසරේ සැප්තැම්බර් 11 වනදා සිදු වුණා. ඔවුන් දෙදෙනා විවාහ වූයේ 2015 වසරේ අප්‍රේල් 4 වනදායි.

ජෝ රූට් –

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් ලොව සිටින විශිෂ්ඨතම පිතිකරුවන් කිහිප දෙනා අතර රැදී සිටින අයෙක්. 2019 ලෝක ශූරතාවය ද දිනූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු Kerry Cottrell සමග විවාහ වී සිටිනවා. ඔවුන් 2016 වසරේ දී විවාහ ගිවිසගත් අතර, 2017 වසරේ දී පළමු දරු උපත සිදු වුණා. අනතුරුව 2018 වසරේ දී යී ජෝ රූට් සහ Kerry Cottrell ග‍ේ විවාහ උත්සවය පැවැත්වුණේ.

හර්ඩික් පාන්ඩ්යා –

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සීමිත පන්දුවාර තරගවලදී දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට ඔහු සතු හැකියාව නිසයි. ප්‍රවේගකාරී මෙම දකුණත් පිතිකරුවා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකයෙක්. ඔහු ද මේ වන විට පියෙකු වන අතර, හර්ඩික් පාන්ඩ්යා Natasa stankovik සමග විවාහ ගිවිස ගත්තේ පසුගිය ජනවාරි පළමු වැනිදායි. පසුගිය ජූලි 30 වනදා ඔවුන්ගේ පළමු දරුවා ලෙස පුත්‍රයෙකු උපත ලැබුවා.

ඔවුන්ට අමතරව කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක විවියන් රිචර්ඩ්ස් සහ ඉන්දීය හිටපු ක්‍රීඩක Vinod Kambli ද විවාහයට පෙරම පිය පදවිය ලැබූ ක්‍රීඩකයින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...